gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිරෝධායනය නිවෙස්වලටම සීමා වෙයි ! රජයෙන් අලුත් තීරණයක් !

කොවිඩ් 19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් මින් ඉදිරියට ඔවුන්ගේ නිවෙ‍ස් තුළම නිරෝධායනය කිරීමට තීරණය කර තිබෙනවා. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද සිට එවැනි පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාම සිදු නොවනු ඇති බවයි.

මෙතෙක් අනුගමනය කළ නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධෆයන් සිදුකළ අධීක්ෂණයකින් පසුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණයට එළඹි බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

ඒ අනුව යම් ආසාදිතයෙකුගේ සමීපතම පළමු ආශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය සඳහා යොමු කරන අතර ඔවුන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන බවද යුද හමුදාපතිවරයා පවසනවා.

මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය අනුව ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබන අතර එම කාලසීමාවෙන් පසුව තවත් සති දෙකක් ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනය සඳහා යොමු කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka