2021 වසර සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය ලේඛණය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ ඉතාමත් සොච්චම් මුදලක් බව වාර්තා වේ.
විශේෂයෙන් කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 200ක් පමණක් වන අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 560ක් පමණි.
එමෙන්ම බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 110ක් පමණි. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතාට වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 98ක් පමණක් වන අතර සූර්ය බල, සුළං හා ජලවිවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 73ක් පමණි.
එහෙත් පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හොබවන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට රුපියල් කෝටි 1860ක් වෙන් කර ඇති අතර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු 05 දෙනාටම ලබාදී ඇති මුදලේ එකතුවටද වාඩා වැඩි අගයකි.
