අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ රැස්වීමක් අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා හැර සෙසු සියලු මැති ඇමතිවරුන් සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
විජේදාස රාජපක්ෂ මහතා 20 ට විරෝධය දක්වමින් පසුගිය දිනවලදී පැවති රැස්වීම් කිහිපයක්ම වර්ජනය කර තිබිණි.
මෙම රැස්වීමේදී අගමැතිවරයා විසින් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර ඔහු සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙන්නේ සාමූහික වගකීම ආරක්ෂා කරමින් කටයුතු කළයුතු බවයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිලිබඳ විවාදය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. හෙට සහ අනිද්දා දිනවල පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය බව සියලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත දන්වා තිබෙනවා.
පසුගිය දිනවලදී 20 සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ දෙනාගේ එම විරෝධය පැයෙන් පැය සමනය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතාගේ විරෝධය තවමත් එලෙසම පවතින බවයි වාර්තා වන්නේ.