අද (22) දිනයේදී ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මියට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, ඒ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙරට තුළ දෛනිකව සිදුවන ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සංඛ්‍යාව පසුගිය කාලසීමාව තුළ සීඝ්රයෙන් ඉහළ ගොස් තිබුණු අතර ඒ පිළිබඳ නිසි මැදිහත්වීමක් දැකගැනීමට තබා නිවැරදි තොරතුරු ලබාගැනීමටවත් හැකියාවක් නොමැති තත්වයක් අදාළ ආයතන වෙතින් ද දිස්විය.
එහෙයින් එම තත්වය වෙනස් කිරීම සඳහා ඉතාම භාරදූර වගකීමක් මෙම තනතුර සමඟ ඒ මහත්මියට පැවරෙනු ඇති.
-lankanewsweb