කොරෝනා ආසදිතයන් පිරිසක් කලහකාරීව හැසිරීම් හේතුවෙන් දිවුලපිටිය රෝහල් කාර්ය මණ්ඩලය බරපතළ ලෙස අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තා වේ.
තමනට ප්‍රණීත ආහාර වේලක් නොලැබෙන බවත් නාන කාමර පහසුකම් සහ වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නැති බවත් පවසමින් ඔවුන් වෛද්‍යවරුන් ද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට බැන වදින බව ද පැවැසේ.
මෙම පහසුකම් සපයන්නේ නැති නම් රෝහලෙන් පැන යන බවටද ඔවුන් තර්ජනය කර ඇත.
මෙම රෝහලේ දැනට කොරෝනා ආසාදිතයන් 102ක් ප්‍රතිකාර ලබයි.
රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්කරමින් තර්ජනය කර ඇත්තේ කොළඹ නැව් තටාකාංගනයේ සේවය කරමින් සිටියදී ආසාදිත වූ පුද්ගලයන් 15 දෙනෙකි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පුද්ගලන් වෙනුවෙන් එම ආයතනය විසින් වියලි ආහාර රෝහලට සපයන බවයි.
මෙම තර්ජන සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් පොලිසියට සහ මහජන සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.