gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බ‍්‍රැන්ඩික්ස් පොකුර බිහිසුණුම පොකුර වෙයි.. සේවක සේවිකාවන් රට පුරා.. සමාජයේ පැතිරීමක්..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර මගින් සමාජයට වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ ඉතා අහල බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සමාජය තුල ගැවසී ඇති ප්‍රමාණය ඉහළ බවයි.

මෙම ස්ථානයට වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගත නොහැකිවු බවද ඔහු කියා සිටියේය

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වූ බිහිසුණුම කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පෙර වාර්තා වූ සියලු රෝගීන් ගේ ආරම්භය සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගත හැකි වුවත් මෙම පොකුරේ ආරම්භය හෝ ආශ්‍රිතයන් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි සංගමයේ සංවිධායක ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එනිසා උපකල්පනය කළ හැක්කේ මෙම කාන්තාවට සමාජය තුළින් වෛරසය ආසාදනය වූ බවත් එනිසා සමාජය තුළ වෛරසය පැතිරීමක් නැතැයි යන මතය දෙදරීමකට දක්වන බවත් ඔහු කියා සිටියේය.

මෙම ඇඳුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ පිරිස රට පුරා ව්‍යාප්ත වී සිටීම තවත් භයානක තත්ත්වයක් යැයි ද ඒ මහතා පෙන්වා දෙයි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka