පැහැර ගැනීමකට ලක් වූ බවට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළේ යැයි චෝදනා එල්ල වී තිබූ, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිණියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසිනි.
ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඇයට මෙසේ අධිචෝදනා ගොනුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ.
මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එය අසත්‍ය සිදුවීමක් බවට පොලීසිය විසින් හඳුනා ගත් අතර ඉන්පසු ඇය අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පරවා තිබිණි. සැකකාරිය කලක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඉන්පසු ඇය ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.