රිෂාද් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කොහේ හෝ තැනක සැඟවී සිටින්නේ නම් දැනුම් දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අපරාධකාරයෙක් සිටී නම් ඔහු අල්ලා දීම සියලු පුරවැසියන්ගේ වගකීමක් යැයි ද ඔහු සඳහන් කරයි.
ඒ නිසා කොහේ හෝ තැනක බදියුදීන් රැදී සිටින්නේ නම් දැනුම් දෙන ලෙසත් පොලිසිය අත්අඩංගුවට නොගන්නේ නම් තමන් හෝ ගොස් ඔහු අල්ලා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.