කුමන අංශයෙන් සලකා බැලුවත් කොරෝනා මර්දනයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ වෙනත් සියලුම රටවල් වලට වඩා ඉහළින් බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ කොරෝනා වසංගත තත්වය පිළිබඳ අද (23) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරම් ලොව වෙන කිසිදු නායකයකු කොරෝනා මර්දනයට කැපවී නොමැති බව සඳහන් කළ ඒ මහත්මිය ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව වැනි දියුණු යැයි කියන රටවලට සාපේක්ෂව අපේ රටේ කොරෝනා රෝගීන් ප්‍රතිශතය සහ කොරෝනා මරණ ප්‍රතිශතය ඉතාම අවම බවයි සඳහන් කළේ.
එසේම අපේ බුද්ධි අංශ ඉතාම විශිෂ්ඨ ආකාරයෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින බව පැවසූ ඒ මහත්මිය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසලේ කොරෝනා පොකුර හඳුනාගත්තේ ද රාජ්‍ය බුද්ධි සේවය විසින් බවත් සඳහන් කළාය.
ලොව අනෙක් රටවල ජනතාවට කොරෝනා ආසාදනය වූ විට නිවෙස් වලට වී සිටින්නැයි එම රටවල රජයන් කියන නමුත් ශ්‍රී ලංකාවේදී ඔවුන්ව රෝහල්ගත කර, ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කර අවශ්‍ය සියලුම කටයුතු සිදුකර දෙන බවත් ප්‍රකාශ කළාය.
ඒ අනුව ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයේදී සිටින්නේ ලෝකයේ අනෙකුත් සියලුම රටවලට වඩා ඉහළින් බවයි ඒ මහතා සඳහන් කළේ.