හිටපු කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමීපතමයන්ට අයත් සමාගම් කිහිපයක් විසින් දඹුල්ල නගරය ආසන්නයේ පවත්වාගෙන යන ඛණිජ වැලි පිරිපහදු කර්මාන්තයක් නිසා ප්‍රදේශයේ ජනතාව පිළිකා අවධානමකට ගොදුරු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
ඒ මහතාගේ අධ්‍යයනයකට අනුව පුල්මුඩේ කණිජ වැලි සංස්ථාවේ සිට දඹුල්ල දක්වා රට මැදට ගෙනවිත් පිරිපහදු කිරීම නමින් සිදු කරන ක්‍රියාවලිය තුල විකිරණශීලි ද්‍රව්‍ය පරිසරයට නිදහස්වේ.
