
ආපන ශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්රී ඇතිවූ පුද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් ඔහු විසින්ම කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට බාධා කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළා.
ඊට පෙර ගල්කිස්ස පොලිස් කණ්ඩායමක් ද අසේල සම්පත්ගේ නිවසට පැමිණ පරික්ෂයක් සිදු කර තිබෙනවා.
මේ අතර ඔහු අද පෙරවරුවේ කුණු සහල් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිතව සිටියා.
ඔහුව අත්අඩංගුවට ගෙන පිළියන්දල පොලිසියට ගෙන යාමෙන් අනතුරුව කිසිවෙකුට හමුවීමට හෝ අවස්ථාවක් දී නැහැ.
පොලිස් ස්ථානාධිපතිවරයා ද ඒ සම්බන්ධයෙන් හමුවීමේ අවස්ථාවක් නොදුන් බවටයි එහි සිටින සිවිල් සංවිධාන නියෝජිතයන් චෝදනා කළේ.
![]() |
Add caption |