gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ කාර්ය මණ්ඩලය වසර 37ක්ම සිටියේ ඥාතීන් – කතානායක

තමන්ගේ කාර්ය මණ්ඩලය ලෙස වසර 37ක්ම කටයුතු කරනු ලැබූවේ ඥාතීන් බව වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අභයවර්ධන මහතා පවසයි.
කතානායකවරයා මේ බව පවසන්නේ සිය කාර්ය මණ්ඩලයේ සියලුම තනතුරු ඥාතීන්ගෙන් පුර්වා තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවල පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිණි.

ඒ අනුව සිය සහෝදරයා වන වසන්ත යාපා අභයවර්ධනට පුද්ගලික ලේකම් තනතුර, තවත් සහෝදරයකු වන සරත් යාපා අභයවර්ධනට මාධ්‍ය ලේකම් තනතුර ලබා දී ඇති අතර කථානායකවරයාගේ පුතා වන චමීර යාපා අභයවර්ධන සහ සහෝදරයකු වන ඉඳුනිල් යාපා අභයවර්ධනට සම්බන්ධීකරණ ලේකම් තනතුරු දෙකද වශයෙන් තනතුරු පිරිනමා ඇත. මහජන සම්බන්ධතා නිලධාරී තනතුර කතානායකවරයාගේ මස්සිනා වන ප්‍රේමානන්ද කොමසාරුට ලබා දී ඇත.

ථානායකවරයා තවත් ව්‍යාපෘති ලේකම්වරු පහක් බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් එක තනතුරක් සඳහා දැනටමත් ජනක යාපා අභයවර්ධන නැමති සිය සහෝදරයාගේ නම යෝජනා කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි අවධාරණය කර සිටියේය. එහෙත් ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිය දෙවැනි පුත්‍රයා අගමැතිවරයාගෙ පුද්ගලික ලේකම්වරයා ලෙස පත්කරගත් අතර ඉන් අනතුරුව කතානායකවරයාද තමන්ගේ කාර්යමණ්ලයට මෙලෙස පවුලේ සමීපතමයින් පත්කර ගන්නා ලදී.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන පරිදි ඔහුගේ කාරයමණ්ඩලය ලෙස වසර 37ක් තිස්සේම කටයුතු කර ඇත්තේ ඔහුගේ ලඟම ඥාතීන් ය.

-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka