gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුහුදු ගොඩ ගලයි.. 300ක් පීඩාවේ..

යාපනය කල්ලුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 87 කට අයත් පුද්ගලයින් 310 ක් පීඩාවට පත්ව ඇති බවට ප්‍රදේශය භාර ආපදාකලමනාකරන නිලධාරීන් පවසති.

කාල සෘතුමය වෙනස්වීමත් සමග කල්ලුණ්ඩායි කලපු සහිත් මුහුදු තීරයේ ජලය වැඩිවීම වාර්ෂිකව සිදුවීම සිදුවුනද මෙවර ගොඩ ගැලීම වැඩිවී ඇති බවට ගම්වාසීන් පෙන්වා දෙයි.

එමෙන්ම මුහුදු ජලය ගොඩ ගැලීම වැලක්වීමට යොදා ඇති වෙලීද හානිවීම හේතුවෙන් මෙම තත්වය බලපා ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතරම තමන්ගේ දෛනික කටයුතුවලට දැඩි ලෙසින් මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් බලපා ඇති බවටද එම වැසියන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

අදාල ගැටලුව අධීක්ෂණය කිරීම සඳහා සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් , දිස්ත්‍රීක් ආපදාකලමනාකරන නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් අදාල ප්‍රදේශයට ගොස් ඇති අතර පසුව දැනට පීඩාවට පත්ව සිටින වැසියන් වෙනුවෙන් අදාර ලබා දීමට සාකච්ඡා කොට තීරණය කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka