තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 259 හඳුනාගෙන තිබේ. ඉන් 182 පැලියගොඩ මාළු වෙළඳසැලෙන් හදුනාගත් පුද්ගලයන්ය. තවත් 75 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත.
ඉතිරි දෙදෙනා හදුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලිනි.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
අද දිනය තුල මේ දක්වා හදුනාගෙන ඇති ආසාදිත ප්‍රමාණය 309කි.