විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුව දී අවසන් විය.
සංශෝධනයට විරුද්දව ඡන්ද 65ක් ලැබුණි.
දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
ඒ අනුව තුනෙන් දෙකක බලයකින් එය සම්මත විය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කරනු ලැබු විපක්ෂයේ මන්ත්‍රී වරුන් 08 දෙනා පහතින්
සමගී ජනබල වේගය පක්ෂයේ : ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන් යන මන්ත්‍රිවරුන්.
මුස්ලිම් ජාතික සන්ධානය: AASM රහීම් මන්ත්‍රීවරයා
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය : නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, HMM හාරිස් සහ MS තව්ෆික් යන මන්ත්‍රීවරුන්