කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සහිත රෝහල් ප්‍රමාණය 21 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
ඇතැම් රටවල ආසාදිත පුද්ගලයන් නිවෙස්වල රඳවා තිබෙන බවත්, අසාධ්‍ය මට්ටමේ රෝගීන් පමණක් රෝහල්ගත කරන බවත් පවසන ඇමතිවරිය අවධාරණය කරන්නේ, රෝග ලක්ෂණ ඇති නැති ආසාදිත පුද්ගලයන් සියලු දෙනා රෝහල්ගත කර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීමට මෙරට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවයි.
දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 8000 දක්වා වැඩිකර ඇති බවද ඇමතිවරිය මාධ්‍ය හමුවේදී සඳහන් කළාය. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවද ඇය පවසනවා.