gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 ගැන නං මම දන්නෙ නෑ, හැබැයි ලොකු පරිසර විනාශයක් නං වෙනවා - වන්නිලැත්තෝ

මේ වනවිට රටපුරා මහා පරිමාණයෙන් පරිසර විනාශ සිදුවන බවත්, ඒ පිළිබඳව වැඩිම වේදනාවක් තිබෙන්නේ නිරන්තරයෙන් පරිසරය සමග ගනුදෙනු කරන ආදිවාසීන්ට බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසනවා.

අද (03) මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ආදිවාසී නායකයා ප්‍රකාශ කළේ රටේ පරිසර සම්පත රැක ගැනීම වෙනුවෙන් සියලු දෙනාම වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. සොබාදහම රැක ගැනීම සියලු දෙනාගේම වගකීම බවද ඔහු අවධාරණය කරනවා.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් ආදිවාසී නායකයාගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව කතා කිරීමට තරම් දැනුමක් හෝ කැමැත්තක් තමාට නොමැති බවයි. ඊට වඩා වැදගත් වන්නේ රටපුරා සිදුවන පරිසර විනාශය හා එම විනාශය නැවැත්වීම සඳහා සිදුකරන මැදිහත්වීම බවද ඔහු පවසනවා.

මිනිසුන්ට පරිසරය නොමැතිව ජීවත් විය නොහැකි බවත් පරිසරය ආරක්ෂා වුවහොත් පමණක් මිනිසාගේ ජීවිතයද ආරක්ෂා වන බවත් ආදිවාසී නායකයා සඳහන් කරනවා. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka