විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියට රැගෙන නොයන්නයි කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරයි. ව්‍යවස්ථාවක් සකස් කිරීමට මෙම අවස්ථාවේ ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව ද කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය පුළුල් ලෙස අධ්‍යනය කළ යුතු බවත් ජනතා පරමාධිපත්‍ය සෑමවිටම සුරක්ෂිත විය යුතු බව එමගින් කියා සිටී.
එක් අයෙකු වටා බලය කේන්ද්‍රගත වීම ප්රජාතන්ත්ර විරෝධී බවත් රටකට අහිතකර බවත් එම සම්මේලනයේ අදහසයි.