20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දීම සම්බන්ධයෙන් සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග්රසයේ නායක රිෂාද් බදියුදීන් මහතා පවසයි. කෙසේ නමුත් එම සංශෝධනයේ ඇතැම් කරුණුවලට එකග විය හැකි වුවද බහුතර කරුණුවලට එකග විය නොහැකි බවත් ඔහු සදහන් කලේය.
තම පක්ෂය ආණ්ඩුවට එක්වීමේ කිසිම සූදානමක් නැති බවත් කී ඔහු ආණ්ඩුවේ කිසිවෙකුත් මේ දක්වා තම පාර්ශවය සමගින් සාකච්චා කර නැති බවත් පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.