gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂ පිරිසක් ගන්නට මා මෙහෙයුමක නෑ.. 20 සම්මතයට 2/3 ලැබෙනවා..- බැසිල්..

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් කර ගැනීමේ මෙහෙයුමක තමන් යෙදී නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සති අන්ත ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඒ මහතා කියා සිටියේ තමන් මේ වන විට යෙදී සිටින්නේ ජාතික ආර්ථික පුනර්ජීවන වැඩ පිළිවෙල ගොඩනැගීම උදෙසා බවත් ඒ සඳහා උපරිම මහන්සියෙන් කටයුතු කරන බවත් ය.

එමෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය සඳහා තමන් වෙහෙසෙමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් 20 වන සංශෝධනය ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත වනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් දැනටමත් ඇතැයි තමන් සිතන බවද ඔහු කියා සිටියේය.

දැනටමත් පාර්ලිමේන්තුවේ 149ක මන්ත්‍රී ප‍්‍රමානයක් ආණ්ඩු පක්ෂයට ඇති බවත් විසිවෙනි සංශෝධනය අදාළ ඡන්ද විමසීමේ දී ඉතා පහසුවෙන් තුනෙන් දෙකේ බලයක් ලැබෙනු ඇති බවත් ඔහු තව දුරටත් අවධාරණය කලේය. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka