මිනුවන්ගොඩ ඇඟළුම් ආයතනය ආශ්‍රිතව වර්ධනය වූ කොවිඩි 19 ආසාදිත පොකුරෙන් හඳුනා ගත් ආසාදිතයන් ප්‍රමාණය 1500 ඉක්මවා තිබෙනවා. ඒ එම පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 145 ක් හඳුනා ගැනීමත් සමගිනි. මෙම ආසාදිතයන් 145 දෙනාගෙන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර අනෙක් 97 දෙනා මීට පෙර හමු වූ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟළුම් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 1591 කි.
මෙම 145 දෙනාද සමග ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතයන් ප්‍රමාණය සටහන් වන්නේ 5038 ක් ලෙසයි.