කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.
කොරෝනා ආසාදනයෙන් පසුව කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ අධික නිව්මෝනියා තත්ත්වය සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත. ඇය පසුගිය 17 වෙනිදා කුලියාපිටිය රෝහලේ සිට IDH රෝහලට මාරු කොට ඒවා තිබු අතර එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙලී ඇති අතර අදාළ නිධන්ගත රෝගයේ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.