වරද පිළිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා රුපියල් මිලියන 12 ක දඩයක් නියම කර ඇත.
මෙම සිද්ධියට අදාළව වන්දියක් ගෙවන ලෙස විත්තිකරු වෙත නියෝගයක් නිකුත් කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කළද එම අවස්ථාවේ වන්දියක් නියම කරනු ලැබුවහොත් දෙපාර්ශ්වයට අගතියක් සිදුවිය හැකි බැවින් එම නියෝගය ලබා නොදෙන බව ද විනිසුරුවරයා සඳහන් කර ඇත.
සැප්තැම්බර් මස 3 වන දා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ නිව් ඩයමනඩ් නෞකාව තුළ ඇතිවූ ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම සහ සමුද්‍ර දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කපිතාන්වරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුනා.
මෙම නඩුව අද විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී විත්තිකාර කපිතාන් තිරෝස් හිල්යාස් නමැති ග්‍රීක ජාතිකයාට අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු විසින් එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළේය.