gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්ට පංචායුධයක්, සීතාට කුඩයක් සහ ටෝච් එකක් වෙන්වෙද්දි ගම්මන්පිලට ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක් - සොයා දුන්නොත් නලින්ගෙන් තෑගී (VIDEO)

පසුගිය දිනවල ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඇමරිකානු බලපෑම් ගැන කතා කළ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන විමල් විරවංශ,සීතා අරඹේපොළ සහ උදය ගම්මන්පිල යන අය සොයා දෙන්නේ නම් ඒ වෙනුවෙන් තෑගී සූදානම් කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. 

ඒ අනුව විමල් වීරවංශ මහතා වෙනුවෙන් වටිනා පංචායුධයක්, සිතා ඇරඹේපොළ මහත්මිය වෙනුවෙන් කුඩයක් සහ ටෝච් එකක් මෙන්ම උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක් තෑගී දෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. 

පසුගිය කාලයේ මේ ඇමරිකානු විරෝධය වෙනුවෙන් විමල් විරවංශලා උදය ගම්මන්පිලලා මාධ්‍ය හමු දෙක තුනක් තබා කතාකරන විට ජනතාව හිතුවේ ඔවුන් මයික් ටයිසන්ලා බවත් නමුත් දැන් ඔවුන් මයික් පිම්පියෝ බවට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියි. 

මයික් පොම්පියෝලා නිසා රට අනතුරේ යනුවෙන් කෑගැසූ කිසිදු දේශප්‍රේමියෙක් දැන් දැක ගැනීමට නොහැකි බවද නලින් බණ්ඩාර මහතා පවසා සිටියි. 

ඒ අනුව මේ වන විට සොයා ගැනීමට නොහැකි වී සිටින මෙම කණ්ඩායම සොයා ගැනීමට සහය දක්වන ලෙසයි විපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka