විසි වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ගෙන ආවේ ජනාධිපතිතුම නම් තත්ත්වය ඉතාම බරපතළ බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණ ජනවරමින් දෙනාට ජනතාව අපේක්ෂා කළේ යුක්ති සහගත හොඳ දේ කරන පාලකයෙක් බව වුවත් මෙම සංශෝධනය මගින් ජනාධිපතිගේ එම ප්‍රතිරූපයට හානි වන බව ද ඔහු පවසයි.
නීති කෙටුම්පත් අංශයේ නිලධාරීන් හිතාමතා මෙම සංශෝධනයට ඇතැම් කොටස් දැම්මේද නැත්නම් ඔවුන් පුරුද්දට වභාගයකින් තොරව දැම්මේදැයි සොයා බැලිය යුතු බවත් ඔහු කියා සිටියේය.
19 සංශෝධනයේ තිබූ ඇතැම් හොඳ දේවල් මෙම විසිවන සංශෝධනය මගින් ආපසු හරවා ඇතැයිද එය ජනවරමේ අපේක්ෂාව නොබවත් හොඳ දෙයක් නොවන බවත් ඒ මහතා පැවසීය.
