වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, එළුවන්කුලම කූරටියාමොට්ටේ ප්‍රදේශයේ සිදුකර ඇති දැවැන්ත වන සංහාරයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනපතිට ඉල්ලිම් කරති.
වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගනනක් පැරණි මෙම වනාන්තර පද්ධතිය සංවිධානාත්මක පිරිස් දේශපාලඥයින්ගේද ආධාර අනුබල ඇතිව මෙම වනාන්තර පද්ධිතය වනසා ඇති බවත් මේ පිළිබදව නිසි අවධානය යොමු කරන්නැයි“ වයඹ පරිසර හඩ,සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියන් වන සංහාරය දැක ගැනිමේන් පසුව මාධ්‍යයට පැවසිය.
මෙම වන විනාශය කිසිදු රාජ්‍ය නිළධාරියකුගේ හෝ වෙනත් පිරිසගේ ඇසට වැලි ගසමින් රාජ්‍ය නිළධාරින් පිරිසකගේ හා ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සහායෙන් වනසා ඇති බවට තොරතුරු ලැබි ඇති බව පරිසර සංවිධාන කියයි.
මෙම වන විනාශය සිදුවු ප්‍රදේශයට පැමිනි වයඹ “පරිසර හඩ සංවිධාය ,හරිත පරපුර , ආනවිළුන්දම් පත්තු යන පරිසර සංවිධානය මේ පිළිබදව අවධානය යොමු කරන්නැයි ජනපතිට අවධානය යොමු කරන්නැයි ඉල්ලිම සිදුවිනි.
මේ ස්ථානයට පැමිනි හරිත පරපුර පරිසර සංවිධානයේ කැදවුම්කරු දිලංක සේනානායක මහතා පවසා සිටයේ පුත්තලම දිස්ත්‍රික්කය පුරා මේ වන විට පරිසර විනාශය සිග්‍රයෙන් ඉහල ගොස් ඇති බවයි .මේ සියලු පරිසර විනාශයන් පසුපස දේශපාලඥයින් හා ඔවුන්ගේ ගොල බාලයින් සෘජුව හා වක්‍රව සම්බන්ධව ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි.
මෙහිදි අදහස් දැක්වමින් “වයඹ හඩ පරිසර ,,සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා පවසා සිටියේ මෑත කාලයේ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවු දැවැන්තම වනාන්තර විනාශය මේ වන විට කුරටියාමෝට්ටේ සිදුව ඇති බව .
ඒ පිළිබදව ජනාධිපති වරයාගේ නිසි අවධානය කඩිනමින් යොමු කරන්නැයිද ඔහු පවසයි.
– පුත්තලම ප්‍රියංකර කළුපහන
