විදේශයන්ගෙන් ආනයනය කරන පරිප්පු වෙනුවට බඩ ඉරිඟු පිස අනුභව කළ හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.
ඒ අද (08) දිනයේ පාර්ලිමේන්තුව අමතමින්.
ඒ මහතා පවසන්නේ ආදර්ශමත් වීම උදෙසා අද දින පාර්ලිමේන්තුවේ ආහාරවේලට පරිප්පු වෙනුවට බඩ ඉරිඟු එක් කර තිබූ බවයි,
“මම අනුරාධපුරෙන් බඬ ඉරිඟු කිලෝ 10ක් අරන් ආවා. අපි අද දවල්ට උයලා කෑවේ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු. පරිප්පු වලට වඩා ඉතාම රසයි, ගුණයි බඩ ඉරිඟු ව්‍යාංජනයක් විදිහට. දේශීය ගොවියා වෙනුවෙන් බඩ ඉරිඟු ආහාරයට ගන්න” යැයි ඒ මහතා පවසයි.
“පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කන්න” – උද්දික ප්‍රේමරත්න (VIDEO)
2020-09-08T20:43:00+05:30
Lanka Hot News