gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 කියන්නේ මහින්දට එරෙහි කුමන්ත්‍රණයක්. ඒකට අයිතිකාරයෙක් නැත්තේ ඒ නිසායි - මරික්කාර්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු මහින්ද රාජපක්ෂ මහතාව ඉලක්ක කරගනිමින් ඒ මහතා කිසිදු බලයක් නොමැති අයෙකු බවට පත්කිරීම සඳහා හිතාමතාම සකස් කරන ලද කුමන්ත්‍රණයක් බවත් එහි වගකීම බාරගැනීමට අද කිසිවකුත් ඉදිරිපත් නොවන්නේ ඒ නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.


"20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් අයිතිකාරයෙක් නැති ව්‍යවස්ථා සංශෝධනයක් බවට පත්වෙලා තියෙනවා. අධිකරණ ඇමති අලි සබ්‍රි මහත්තයා කියනවා එතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන එක විතරයි කළේ කියලා, හැබැයි මේක හැදුවෙ කවුද කියලා එතුමා කියන්නෙ නෑ.

ඇත්ත වශයෙන්ම මේක මහින්ද රාජපක්ෂ මහත්තයාව ඉලක්ක කරලා, මහරජාණන්ව පියන් කෙනෙක් කරන්න හිතාමතාම කරපු කුමන්ත්‍රණයක් කියලා පොහොට්ටුවෙ උන්දැලාට දැන් තේරෙනවා ඇති. ඒ නිසා අපි නාමල් රාජපක්ෂ මහත්තයාටත් ඒ ඉතුරු අයටත් කියනවා තව පොඩ්ඩක් බලන් ඉන්න කියලා.

රටට අවශ්‍ය වෙන්නෙ රටට ගැලපෙන, ජනතාවට ගැලපෙන ව්‍යවස්ථාවක්. එහෙම නැතුව පුද්ගලයින්ව තනි තනියෙන් ශක්තිමත් කිරීම හෝ පුද්ගලයින්ව තනි තනියෙන් බාල්දු කිරීම සඳහා ගේන එකක් නෙවෙයි. ඉතිං මහින්ද මහත්තයාව බාල්දු කරලා මොනවා ලබාගන්න හදනවාද කියන එක අපට තේරෙන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka