gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 සංශෝධනයෙන් මහින්ද පියුන් කෙනෙක් කරලා - SJB

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියුන් කෙනෙක් බවට පත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එමෙන්ම අගමැතිවරයා මෙන්ම සියලූ ඇමතිවරුන් පියන්ලා බවට මෙම සංශෝධනයෙන් මෙමගින් පත්වන බවද ඔහු පැවසීය.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට අවස්ථාව ලබාදීමෙන් ඉදිරියේදී කොටි සාමාජිකයන්ටද පාර්ලිමේන්තුවට පැමිණිමේ අවස්ථාව හිමි වන්නේ යයිද ඔහු සදහන් කලේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

යෝජිත විසිවෙනි සංශෝධනය හරහා ශ්‍රී ලංකාව මිලිටරිකරණයට, ආඥාදායකත්වයට ගමන් කරමින් තිබෙන බවත් මැතිවරණයට කලින් තම පක්‍ෂය විසින් එය පෙන්වා දුන් බවද ඔහු සඳහන් කළේය.

පක්‍ෂයක් ලෙස මෙම සංශෝධනයට විරෝධය පල කරන බවත් ඊට විරුද්දව රට පුරා ජනතාව පෙලගස්වන බවද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය. 





gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka