gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිනිගත් නෞකාවේ පිපිරීම්.. නැවේ සමබරතාවය ගිලිහේ !

ම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ගිනිගැනීමක් සිදුව ඇති නිවු ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ පිපිරීම් දෙකක් සිදුව ඇති බව සමුද්‍ර පරිසර අධිකාරිය සඳහන් කරයි.

නමුත් මේ දක්වා එම නෞකාවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදු වී නැතැයි ද එහි සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

පිපිරීම් හේතුවෙන් නැවේ සමබරතාවය ගිලිහෙමින් පවතින බවද ඔහු කියා සිටියේය.

නැව තුල ඇතිවී තිබෙන ගින්න නිවීම සඳහා නාවික හමුදා සමග එක්ව කටයුතු කරමින් තවදුරටත් කටයුතු කරමින් සිටී.

සමුද්‍ර පරිසර අධිකාරිය සදහන් කරන්නේ මෙම නැවේ බොරතෙල් මුහුදට එක්වුවහොත් එය ලෝකයේ විශාලතම සමුද‍්‍රිය පරිසර හානියක් වනු ඇති බවයි.

මේ අතර ශ‍්‍රී ලංකා නාවුක හමුදාව සදහන් කරන්නේ මෙම නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවීමේ අවදානමක් මෙතෙක් නැති බවයි. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka