ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් සභා සංසදය පළාත් සභා මැතිවරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යනු ලබන රැස්වීම් මාලාවේ තවත් එක් මාධ්‍ය හමුවක් අද දින (23) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැත්විනි.
මෙම මාධ්‍ය හමුව සදහා බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් මොරිස් විඡේරත්න මහතා සහ ලලිත් වර්ණ කුමාර මහතා එක් වූ අතර, වයඹ පළාත් සභාව නියෝජනය කරමින් රෙවින් ප්‍රනෑන්ඩු මහතා සහභාගි විය.
බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් සහභාගි වූ මොරිස් විඡේරත්න මහතා
මෑත කාලයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ පාර්ලිමේන්තුවේ තිබුන බලය විමද්‍යගත කිරිමට ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුමක්. පාර්ලිමේන්තුවේ බලතල පළාත් සභා හරහා ක්‍රියාත්මක කරමින් රටේ ජනතාව වෙනුවෙන් පළාත් සභා මගින් විශාල වැඩකොටසක් කරගෙන ගියා. බැසිල් රාජපක්ෂ නායකතුමා යටතේ අපි පොදුජන පෙරමුණ හැටියට පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ලෙස මැතිවරණ 03 ක් ජයග්‍රහණය කළා. මේ මැතිවරණ 03 ම එනකොට පළාත් සභා ගැන කථා කළේ නැහැ. අපේ නව රජය පත් වෙලා කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය ඇමැතිවරුන් පත් කරන විට නරියට කුකුලා බාර දුන්නා වගේ ප්‍රශ්ණයක් අපිට වුනේ. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය ලැබුනේ මෙම ක්‍රමයට මුල ඉදලම විරුද්ද වුන අයට. ගමේ ජනතාවගේ ප්‍රශ්ණ වලට විසදුම් දෙන්න පළාත් සභා මන්ත්‍රීවරු විශාල වැඩකොටසක් කළා. මෙම මැතිවරණය ගැන රජය තවම තීන්දුවක් අරගෙන නැහැ. එක එක මැති අමැතිවරු මේ පිළිබද කථා කිරිම තුල මෙය ලොකු මාතෘකාවක් බවට පත්වෙලා තිබෙනවා. පළාත් සභා සුදු අලියෙක් ද නැද්ද කියන එක සදළු තලයේ ඉදලා තීරණය නොකළ යුතුයි. මන්ත්‍රීවරු 104 ක් පාලනය කළ පළාත් සභාව අද එක ආණ්ඩුකාරවරයෙක් පාලනය කරනවා. මෙය සාර්ථක වැඩපිළිවෙලක් නොවෙයි. අද ජනතාව මේ තුල විශාල පීඩාවකට පත්ව තිබෙනවා එබැවින් මැතිවරණ පැවැත්වීම සදහා අවශ්‍ය වාතාවරණය සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
වයඹ පළාත් සභාව නියෝජනය කරමින් සහභාගි වූ රෙවින් ප්‍රනෑන්ඩු මහතා
පසුගිය යහපාලන රජය අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තු පනතක් මගින් මැතිවරණය කල් දමා තිබෙනවා. ජනතා අයිතිය යට කර තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය යට කරන්න ගිහින් අවසානයේ ඔවුන්ට අත් වූ ඉරණම රනිල් මහත්තයා ගෙදර ගියා, ඒකට සම්බද්ධ වූ එක්සත් ජාතික පක්ෂ අතුගෑවෙලා ගියා. අද දුරකථනය 53 කට බැහැලා තිබෙනවා. ඒකට උඩගෙඩි දුන්න අනුර කුමාරලා 03 බැහැලා තිබෙනවා. ඡන්ද කල් දාපු සියළුම පක්ෂ නැති භංග වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වූවා. පළාත් සභා මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ග්‍රාමීය සංවර්ධනය ඇතුලු සියළු ක්ෂේත්‍ර සදහා විශාල වැඩකොටසක් සිදු කළා. පළාත් සභා අහෝසි කිරීමට රජයක් හැටියට තවම තීරණය කරලා නැහැ. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තිබෙන කම් පළාත් සභා අහෝසි කරන්න බැහැ.
බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් සහභාගී ලලිත් වර්ණ කුමාර මහතා
පළාත් සභා පැවැති පසුගිය කාලය තුල ම පොලිස් බලතල, ඉඩම් බලතල පළාත් සභාවට තිබුනා. පැවැති හැම රජයක්ම එය පරිහරණය කළා. ඒ තුලින් කිසිම ගැටුමක් ගැටළුක් මහ ආණ්ඩුව සමග ඇති වුණේ නැහැ. ජනතා සේවාව නියම පරිදි සිදු වූවා. සංවර්ධනය සිදු වුනා. වර්තමාන රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික මතයක් තමයි ප්‍රකාශ කර තිබෙන්නේ. පළාත් සභා හොද නැත්නම් ගෙනාවා වගේම ඉවත් කිරීමටත් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තුල කටයුතු කළ යුතු වෙනවා. නමුත් පළාත් 09 හිම මුදල් පරිහරණය එක් එක් ආණ්ඩුකාරවරයා යටතේ පාලනය වීම වැරදියි. මේක වැරදි පුර්වාදර්ශයක්. එම වැරදි පුර්වාදර්ශය නැති කළ යුතුයි. ගොඩ දෙනෙක් සුදු අලි සුදු අලි කීවාට මෙහි යථාර්ථය දන්නේ නැහැ. පළාත් සභා මගින් සිදු වන සේවාව දන්නේ නැහැ.
