පළාත් සභා ක්‍රමය අහෝසි කරන බවක් තමන් විසින් ප්‍රකාශ කලේ නැතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් තමන් පෙර සිටම විරුද්ධ ස්ථාවරයක සිටි බවත් දැන්ද එම ස්ථාවරයේ සිටින බව බවද ඔහු කියා සිටියේය.
පළාත් සභා මේ රටක ලැබුනේ 13 සංශෝධනය හරහා දේශපාලන වුවමනාවක් මත මිස ආර්ථික උවමනාවක් මුල් කරගෙන නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.
