වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව විසින් ලබාදීම අවාසනාවන්ත තත්ත්වයක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
නමුත් මෙම සංශෝධනයට විරුද්ධව ජනතා විරෝධයක් ගොඩනඟන බවත් දැනටමත් ජනතාව ඒ ගැන තේරුම් ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු ඔඩුගෙඩි වැඩිපුර තිබුණාට ජනතාව එපා කියන දෙයක් ගෙන ආවොත් ආණ්ඩුවට අවාසිදායක බවද ඔහු කියා සිටියේය.
