සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂ සියල්ල එක්කොට සමගි සන්ධානය නමින් අලුත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කරන බව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.
එහෙත් නව සන්ධානයේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සිහළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්රගතිශීලී පෙරමුණ මෙහි ප්‍රධාන සාමාජික පක්ෂ වෙයි. අවශ්‍ය නම් එ.ජා.ප.යටත් මෙහි සාමාජිකත්වය ලබාගත හැකි යැයි ඔහු අවධාරණය කළේය.
