විසිවැනි සංශෝධනය රටේ යහපත කේන්ද්රකරගත් සංශෝධනයක් නොවන බවත් එය පුද්ගලයකු ඉලක්ක කරගෙන ගෙනා සංශෝධනයක් පමණක් බවත් ඔහු කියා සිටියේය.
දැනටමත් ආණ්ඩුව විසින් එම සංශෝධනයෙන් 50%න් පමණ අකුලාගෙන ඇතැයි තමන්ට තොරතුරු ඇතැයිද ඔහු පැවසීය.
විසිවෙනි සංශෝධනය නිර්මාතෘ වරයා කවුදැයි රාජ්ය බුද්ධිසේවාවලට පවා සොයාගත නොහැකි වී ඇති බවත් එම පුද්ගලයා මිහිතලෙන් අතුරුදන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා තව දුරටත් කියා සිටියේය.
කොළඹ පැවැති සම්මන්ත්රණයක් අමතා ඔහු මෙම අදහස් පල කරන ලදී.
