සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය මන්ත්රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇතැයි ඉහළ ආරංචි මාර්ග කියයි.
එම පක්ෂවල පසුපෙල මන්ත්රීන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්විය යුතු බවත් දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද කීපයක් ම එම පක්ෂ තුළ ඇතිවී තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුවේ අදහස වී ඇත්තේ රිෂාද් බදියුදීන් මන්ත්රීවරයා ආණ්ඩුවට එක් කර නොගන්නා බවයි.
