gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයා, රවී එජාපය අතහැර සමගි බලවේගයට? බැඳුම්කර චෝදනා ලද රවී සමගි ජන බලවේගයට ආවොත් අපේ රෙදිත් නෑ - සමගි ජන බලවේගයේ දුෂණය විරෝධී පිල

ක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු වන උප නායක රවී කරුණානායක හා භාණ්ඩාගාරික දයා ගමගේ  එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සමග සන්ධානගතව ඉදිරිපත් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ සඳහා සමගි ජන බලවේගය කැමැත්ත විමසා ඇති අතර ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද වාර්තා වේ.
මේ වන විට මේ දෙදෙනා පක්ෂයේ තනතුරු ලබා ගැනීමට වඩා සිය දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා කටයුතු කිරීමට තීරණය කොට තිබේ.

එළැඹෙන පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළොත් මහ මැතිවරණයට වඩා අන්ත පරාජයකට මුහුණ දීමට සිදුවන බව ද මේ දෙනාගේ මතය වී තිබේ.

රවී කරුණානායක කොළඹ දිස්ත්‍රික්කයේනුත් දයා ගමගේ මහතා අම්පාර දිස්ත්‍රික්කයෙනුත් පළාත් සභා මැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටී.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ දුෂණයට විරුද්ධ මතයක සිටිමින් කටයුතු කරන බහුතරය පවසා සිටින්නේ දයා ගමගේ මහතාගේ එක්වීම ප්‍රශ්නයක් නොවුනද බැඳුම්කර චෝදනා ලද රවී කරුණානායක සමගි ජන බලවේගය සමග එකතු උවහොත් තව දුරටත්  සමගි ජන බලවේගය සමග රෙදි ඇඳගෙන දේශපාලනය කිරීමට හැකියාවක් නැතිවන බවත්ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka