20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට සමගි ජන බලවේගය සංවිධානය කර ඇත.
ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 05 වැනි දා රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි කළු පොඩි ඔසවමින මෙම විරෝධතාවය පැවැත්වීමට සංවිධානය කර ඇත.
සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ ඊට සමගාමීව රට පුරා පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කරන බවයි.
