සිරකරුවෝද මනුෂ්‍යයෝ යැයි ප්‍රකාශ වුවද බන්ධනාගාරය තුළ තිබෙන්නේ ඛේදජනක තත්වයක් බව මරණිය දණ්ඩනයට නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුව අමතා අනාවරණය කරන ලදී.
වසර ගණනාවක් සිර බත් කෑම හේතු කොට ගෙන ශාරීරිකව හා මානසිකව පිරිහී ගිය අති බහුතරයක් ඉතා ඛේදනීය ජිවිතයක් බන්ධනාගාරය තුළ ගත කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන් බන්ධනාගාරය පිලිබඳ මෙම කළ අනාවරණයෙන් පසු තමාට බන්ධනාගාරය තුල දී ප්‍රශ්න රැසකට මුහුණ දීමට සුදුවිය හැකි බවද ඔහු සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් සොයා බලා බන්ධනාගරගතව සිටින සිරකරුවන්ට මනුෂ්‍යයින් ලෙස ජිවත් වීමට හැකි පසුබිමක් නිර්මාණය කර දෙන ලෙස විෂය භාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් ඔහු ඉල්ලීමක් ද කරන ලදී.
