gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙලිදරවු දෙකක්

පාස්කු බෝම්බ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හෙළිදරව් කිහිපයක් සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තාවේ. හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ කොමිසම හමුවට ඔක්තෝබර් මස 5 වනදා කැඳවා ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ඇත්තේ ඔක්තෝබර් මස 6 වන දා ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ තමන්ට මෙම කොමිසමේදී එල්ල වන චෝදනාවලට අනිවාර්යෙන්ම පිළිතුරු දෙන බවත් ඊට අමතරව තවත් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් හෙළි කරණ බවත් ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් පිරිසක් සමග ඔහු මේ බව සඳහන් කර තිබේ.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සිරිකොතේදී සඳහන් කර ඇත්තේ තමන් මෙම කොමිසම හමුවේ විශේෂ හෙලිදරව් කිහිපයක් සිදු කිරීමට සූදානමින් සිටින බවයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka