gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

ලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි.

ඉකුත් මස 16 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිිකාර සදහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පී සී ආර් පරීක්‍ෂණ 3 ක් සිදුකර ඇති අතර තුන් වන පරීක්ෂණයේදී ඔහු කොරෝනා වෛසරය ආසාදිතයයෙකු නොවන බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන මස 24 වැනිදා දක්වා සිය නිවසේ දී ස්වයංව නීරෝධායනය වන බවට දැණුම් දී ඉකුත් 10 වනදා ඔහු වැලිකන්ද රෝහලෙන් මුදා හැර තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 17 වනදා ඔහු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඔහුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාලයේ ඔහුගේ මවද නිවසේ රැදී සිට ඇති අතර මවද කඩිනමින් හලාවත මහා රෝහලට ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka