gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

20න් MCC ගිවිසුම ගේන්න ඉඩ.. සමාගම් විගණනය වලකන්නේ ඒ නිසා - ජාතික සංවිධානවලින් 20ට සැර පහරක්

රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට රජයේ පිරිසක් දැඩි මතයක සිටින්නේ ඇමරිකාව විසින් යෝජනා කර ඇති එම් සී සී ගිවිසුම අත්සන් කිරීමට නියමිත නිසා බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය සමාගම් විගණනයට රජයේ ඇතමුන් දැඩිව විරුද්ධ වී ඇත්තේ හොරකමට ඉඩ දීමට නොව එම් සී සී ගිවිසුම අනුව ‘එම්සීසී ශ්‍රී ලංකා’ නමින් පිහිටුවීමට නියමිත සමාගමට ඉඩ දීම සඳහා බවයි.

මෙම සමාගම ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගමක් බවත් යෝජිත ගිවිසුම අනුව එම සමාගම ශ්‍රී ලංකා නීතිය යටතේ විගණනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරට සමාගම් විගණනය කළයුතු යැයි ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ඇති කළහොත් එම සමාගමට විරුද්ධව මහජනයාට අධිකරණයට යාමට හැකියාවක් ලැබෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka