gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

MT නිව් ඩයමන්ඩ් නෞකාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පිරිසක් ඇතුළු වෙයි

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීයාම මැඩ පැවැත්විම හේතුවෙන් එහි ඉන්ධන ගබඩා සංචිතවලට ගින්නෙන් හානියක් සිදු නොවන බවට ශ්‍රි ලංකා නාවික හමුදාව තහවුරු කර ඇත.

නාවික හමුදාව පවසන්නේ, නෞකාව තවදුරටත් මුහුද මැදට ගෙනයාම සඳහා නාවිකයින් පිරිසක් නැවට ගොඩවූ බවය.

මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින සියලු පාර්ශ්වයන් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කෘතවේදී ස්තූතිය පළ කර තිබේ.

ශ්‍රි ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ දී බොරතෙල් හා ඩීසල් රැගත් නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව පසුගිය 3 වැනිදා ගිනි ගැනීමකට ලක් විය.

ඒ නෞකාවේ එන්ජින් කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරිමක් හේතුවෙනි.

ගින්න පිළිබඳ සැළවීමත් සමග ක්‍රියාත්මක වු ශ්‍රි ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව වහා ගින්න මැඩ පැවැත්විමේ කටයුතු ආරම්භ කළේය.

ඊට මෙරට වෙනත් ආයතන ද එක්වු අතර ඉන්දිය නාවික හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නෞකා ද එක්විය.

ඒ අනුව පැය 35ක පමණ කාලයක්පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසු ඊයේ (04) පස්වරු 6ට පමණ නෞකාවේ ගින්න පැතිරිම පාලනය කරනු ලැබුවේය.

එහෙත් තවදුරටත් ගිනි නිවිමේ කටයුතු සිදු කෙරෙමින් පවති.

ඉකුත් 3 වැනිදා නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හට ගන්නා අවස්ථාවේදි ශ්‍රි ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් පැවති අතර ඊයේ පස්වරුව වනවිට එය ගොඩබිමට නාවික සැතපුම් 20 ක් දක්වා ආසන්න විය.

කෙසේ වෙතත් ALP WINGER ටග් යාත්‍රාව උපයෝගි කර ගනිමින් නෞකාව ගොඩබිමින් නාවික සැතපුම් 42 ක් දක්වා දුරට රැගෙන යාමට මේවනවිට කටයුතු කර තිබේ.

නාවික හමුදාව පවසන්නේ ගැඹුරු මුහුදේ සුළගේ වේගය වැඩි විම හේතුවෙන් වරින්වර ගිනි පොකුරු ඇති වීමේ අවදානයමක් ඇති බවය.

මේ අතර ගලවා ගැනිමේ ජාත්‍යන්තර සමාගමේ තක්සේරුකරුවන් සිව්දෙනෙකු හෙට (06) උදෑසන දිවයිනට පැමිණිමට නියමිතව ඇති අතර නෞකාව අයත් සමාගම විසින් එහි ඉදිරි කටයුතු සිදු කිරිම සඳහා 'ස්මිත්' නමැති ගලවා ගැනිමේ සමාගමකටද භාර දි තිබේ.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka