gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයෙන් ඇඟ බේරගන්න මෛත්‍රි ගහපු ගේම කොමිසමේදී හෙළිවෙයි

ප‌්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට බාරගන්නා ලෙස කියමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලපෑම් එල්ල කොට ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය වී තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ බව පවසා ඇත.

ප්‍රහාරයේ වගකීම බාරගන්නේ නම් විශ්‍රාම වැටුප ඇතුළු සියලු වරප්‍රසාද පමණක් නොව විශ්‍රාම යාමෙන් පසු කැමැති රටක තානාපති ධූරයක් ලබා දිය හැකි බවද මෛත්‍රිපාල සිරසේන මහතා ජයසුන්දර මහතා වෙත ප්‍රකාශ කළ බව හේමසිරි ප්‍රනාන්දු මහතා අනාවරණය කොට තිබේ.

සිරිසේන මහතාගේ මෙම යෝජනාවෙන් පසු පූජිත් ජයසුන්දර මහතා තමන් හමුවීමට පැමිණ මේ සම්බන්ධයෙන් උපදෙස් පැතූ බවක්ද ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ අනාවරණය කර ඇත. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka