18 වැනි ආණුඩක්රම ව්‍යවස්ථාව හොද නෑ කියා UNP නඩය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන එන ලද 19 වන ආණුඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය රටට ඉතා අහිතකර හා රට අස්ථාවර කිරීමට ගෙන යන ව්‍යවස්ථාවක් බවත් වසර හතරහමාරක් ඉක්මන ගොස් ඇති යහ පාලන රජය මගින් ජනතාවට කිසිවක් කරගත නොහැකි වු බවත් හිටපු ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.
එහි භයානක පැත්ත රට අස්ථාවර කිරීම හා රටට වග කියන නායකයෙකු නොමැති බව 19 වැනි ව්‍යවස්ථාව තුළින් පැහැදිළිව පෙනෙන බව යහපාන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් : 18 වන ආණුඩක්රම ව්‍යවස්ථාව හරහා ඒකාධිපතියකු බිහිවන බව ප්‍රකාශ කරත්, අවසානයේ සිදු වුයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ඉතා අස්ථාවර හා දුබල ආණ්ඩුවක් බිහිවිමය. එමගින් ජනාධිපතිවරයා හා අගමැති දෙපැත්තට අදින ක්‍රමයක් නිර්මාණය වී ඇති අතර එයින් සිදු වුයේ රටට විශාල හානියකි.
19 හැදු ආණ්ඩුක්‍රම විශාරදයෝ මේ සම්බන්ධව තැකීමක් නොකළ අතර පුද්ගලයින් හා පෞද්ගලික පරමාර්ථ මුල් කර ගනිමින් කටයුතු සිදු කර ඇත. එමගින් රටට ලොකු හානියක් සිදු වු අතර 19 ව්‍යවස්ථාව අහෝසි කළ දවසට රටේ හොද පාලනයක් ගෙන යාමට හැකි බව හා ඉන් ජනාතවට සතුටට පත් විය හැකි බවද එතුමා පවසා ඇත.
එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂ හා යහපාලන ප්‍රධානීන් ඉදිරියෙන් තබාගෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ඉතා අහිතකර බව නිර්භීතව ප්‍රකාශ කර ඇති බව මින් පෙනේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ප්‍රධානීන් ලෙස කටයුතු කළ දෙමළ සන්ධානයේ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර වැන්නන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හරහා නඩත්තු වු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න , ජනාධිපති නීතීඥ ජේ.සී.වැලි අමුණ වැන්නවුන් මේ වන විටත් ශ්‍රී ලංකාව හැර ගොස් විදේශ රට වල පදිංචි වීමට අවසර ඉල්ලා ඇති බවත් මෙයට වගකිව යුත්තන් කරඇර ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.
