gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට අගමැතිගෙන් දෝස්මුරයක් !

රාජ්‍ය බැංකුවල ශ්‍රේණිගත කිරීම් පහත වැටීම වළක්වා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට ඒ පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන්ට අවධාරණය කර ඇති බව වාර්තා වේ. 

අද (09) මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති රාජ්‍ය බැංකුවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. 

එම රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ මෙරට බැංකු ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානයේ සිටි ලංකා බැංකුව 6 වැනි ස්ථානයටත් 4 වැනි ස්ථානයේ සිටි මහජන බැංකුව 7 වැනි ස්ථානයටත් මේ වනවිට ඇදවැටී ඇති බවයි. 

ඊට පිළිතුරු දෙමින් එම බැංකු දෙකේ සභාපතිවරුන් අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ බැංකු දෙකම ඉතාම හොඳින් ලාභ ලබමින් පවතින නිසා මෙම ශ්‍රේණිගත කිරීම් පහත වැටීම එතරම් සැලකිල්ලට ගතයුතු කරුණක් නොවන බවකි. 

එසේ නම් මෙම ශ්‍රේණිගත කිරීම් පවතින්නේ කුමක් සඳහාද යන්නත් බැංකුවලට ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙන්නේ මෙම ශ්‍රේණිගත කිරීම් හරහා නොවේද යන්නත් අග්‍රාමාත්‍යවරයා එහිදී ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර සභාපතිවරුන් දෙදෙනාම ඊට පිළිතුරු නොදී නිහඬව සිට ඇත.  

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට තරයේ අවධාරණය කරමින් ප්‍රකාශ කර ඇත්තේ මාස 6ක් ඇතුළත මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට රාජ්‍ය බැංකු දෙකට නොහැකි වුවහොත් මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට දැඩි තීරණ ගැනීමට සිදුවනු ඇති බවයි. 

එසේම බැංකු ප්‍රධානීන් අධ්‍යක්ෂ ධුර දරණ පුද්ගලික සමාගම්වලට ණය නිකුත් කිරීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට අවවාදාත්මකව ප්‍රකාශ කළ බව ද සඳහන්. 

මීට හේතුවී ඇත්තේ මැතිවරණයට පෙර මහජන බැංකු සභාපතිවරයා විසින් තමන් උපසභාපති ධුරය දරණ සමාගමකට පොළී රහිතව ඩොලර් ණය නිකුත් කිරීමේ සිදුවීමකි. ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ප්‍රශ්න කළ පසුව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මිලියන 25ට වැඩි ණය අයදුම් කරන අවස්ථාවන්හිදී ඒවා තමන්ගේ අනුමැතිය සඳහා යොමු කරන ලෙසටය. 

ඊට ද අදාළව අග්‍රාමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ට අනතුරු හඟවා ඇත්තේ මේ සියල්ල සම්බන්ධ අවසන් තීරක බලය ඇත්තේ තමන්ට මිස වෙනත් කෙනෙකුට නොවන නිසා ඉතාම විධිමත්ව කටයුතු නොකරන්නේ නම් තමන්ට දැඩි තීරණ ගැනීමට සිදුවිය හැකි බවය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka