රත්නපුර දිස්ත්රික්කයේ මනාප ලයිස්තුව අනුව මීලගට සමාන මනාප ලබාගත් අපේක්ෂකයන් දෙදෙනකු සිටියි.
සනී රෝහණ කොඩිතුවක්කු හා රංජිත් බණ්ඩාර යන අපේක්ෂකයන් මෙවර මනාප ඡන්ද 53261 බැගින් ලබාගෙන ඇත.
ඔවුන්ගෙන් කෙනෙකු තෝරා ගැනීමට සිදු වූවොත් කුසපත් ඇදීමක් හෝ කාසියක් උඩ දැමීම සිදු කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්රීවරයෙක් තෝරා ගැනීම සඳහා මෙතෙක් කුසපත් ඇදීමක් හෝ කාසි උඩ දැමීමක් සිදු කර නැත.
මරණ දඬුවම හිමි වීම හේතුවෙන් චොකා මල්ලිට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතත් කතානායකවරයා සඳහන් කර ඇත්තේ ඔහුට පාර්ලිමේන්තු පැමිණිමට හැකි බවයි.
