සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ සිදුවන පරිසර විනාශය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසිනි.
පසුගිය 16 වැනිදා අන්තර්ජාලය ඔස්සේ මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර එම සංවිධානය පවසන්නේ අදාල පැමිණිල්ල භාරගත් බවට දැනුම් දී ඇති බවයි.
සිංහරාජ පරිසර පද්ධතියට බලපෑම් සිදු කරමින් ඉදිකරන මාර්ගය සම්බන්ධයෙන් දේශීයව සිදුකළ විරෝධතා සහ දැනුවත් කිරීම හමුවේ එම මාර්ග ව්‍යාපෘතිය අත්හිටුවීමට බළධාරීන් පියවර නොගැනීම හේතුවෙන් මෙම ගැටලුව ජාත්‍යන්තරය වෙත ගෙනයෑමට සිදු වූ බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ.