gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20න් ගෝටාභය ඒකාධිපති රජ්ජුරුවන් වෙනවා.. තනි පවුලක් රටේ දේපල කොල්ල කනවා - ලාල්කාන්ත

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ එකම අරමුණ රටේ දේපොළ කොල්ල කමින් තනි පවුලකට රජ සැප විඳීම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

පෙර කල සිටි රජ්ජුරුවන්ගේ භූමිකාව ඉටු කිරීමේ සූදානමක් නැවත මෙම සංශෝධනයෙන් පැහැදිලිවව පෙනී යන්නේ යයිද ඔහු පැවසීය.

වෙනත් වචන වලින් කිවහොත් ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය යන ආයතන තුනම තනි පුද්ගලයෙකුගේ අතට පත්කර ගැනීමෙන් ඒකාධිපති පාලනයක් මෙමගින් ස්ථාපිත වන බව ද ඔහු සඳහන් කළේ ය.

ජනතාවගේ ආශිර්වාදය බලයට පත් ආණ්ඩුව ජනතා විරෝධි කටයුත්තක නියැළෙන්නේ නම් ජනතා ආශිර්වාදයෙන්ම ආණ්ඩුව පරාජය කිරීමට රට වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

ඒ වෙනුවෙන් මහජනයා පෙළගැස්වීම වගකීම වාමාංශික ව්‍යාපාරය භාර ගත යුතු බව ද ඔහු පැවසීය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka