gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩුවා. පාර්ලිමේන්තු ලේකමුත් ගොට්ට ඇල්ලුවා - විපක්ෂයෙන් චෝදනා

රණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී මහතා පෙරේදා (08) දින පාර්ලිමේන්තුවෙහි දිවුරුම් දෙන අවස්ථාවෙහිදී තමන් මතු කළ රීති ප්‍රශ්නයට ඉඩ නොදීමෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කළ බවටත් ඊට පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙහි ද සහයෝගය ලැබුණු බවටත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කළේය. 

"ඊයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා දිවුරුම් දෙන්න එනකොට මම විපක්ෂය වෙනුවෙන් නැගිටලා රීති ප්‍රශ්නයක් තියෙනවා කියලා හඬනගා කිව්වා. ඒක වීඩියෝවලත් සටහන් වෙනවා. නමුත් ඔබතුමා මාව හඳුනාගත්තෙ නෑ. ලේකම් කාර්යාලයත් හොඳට ගොට්ට ඇල්ලුවා. 

මගේ දිහා බැලුවෙවත් නෑ, දිවුරුම දුන්නායින් පස්සෙ ඔබතුමා කිව්වා රීති ප්‍රශ්නය මතුකරන්න කියලා. ඒක වැරදියිනෙ කථානායකතුමා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා රීති ප්‍රශ්නයක් මතු කෙරුවාම ඊට අවස්ථාව දෙන එක. මට අවස්ථාව දීලා ඔබතුමා ගන්න තීරණයක් ගන්න තිබ්බා. 

ඔබතුමා මට අවස්ථාව දුන්නෙ දිවුරුම් දුන්නායින් පස්සෙ. පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි ඒක" යනුවෙනුයි ඒ මහතා ඊයේ (09) පාර්ලිමේන්තු රැස්වීමේදී කථානායකවරයා අමතමින් ප්‍රකාශ කළේ. 

කෙසේවෙතත් ඊට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ "මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ එතුමාගේ ඉතාමත්ම වැදගත් ඒවගේම මේ සභාවේත් ගෞරවනීය අවස්ථාවක. ඒකෙදි වෙනත් ප්‍රශ්න මතු කරලා ඒක ඒ වෙලාවෙ එහෙම කරන එක යුතුකමක් නෙවෙයි කියලයි මම කියන්නෙ" යනුවෙනි.  

-lankanewsweb


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka